Monday, April 25, 2011

Accepting, Tolerating, and Forgiving

දිනය : හරියටම පරණ අවුරුදු දා
වේලාව : රාත්‍රී 7.30

හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න."
"මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට දානවා."
මේ මනුස්සයාට මානසික ලෙඩක්ද ? ඇගේ කතාව අසාගෙන සිටි අප හැමටම හිතුනේ එහෙමයි. ඇගේ හය හැවිරිදි දියණිය අම්මාගේ වටේ දැවටෙමින් සිටියාය. මාස 4 ගැබිණියක් වූ ඇය අප වාට්ටුවේ සිටියේ අවුරුදු 8 තිස්සේ සිටි තම සැමියාගේ අඩම්තෙට්ටම් ඉවසාගත නොහැකි තැන මැලතියොන් නැමැති රසායනික විෂ ශරීරගත කරගෙනය. වාසනාවකට ඇගේ කුසේ සිටි දරුවාට හානියක් සිදුව තිබුනේ නෑ.
"අම්මේ බැඳපු මුල ඉඳන්ම මහත්තයා මෙහෙම කරදර කරාද ?"
"ඔව්. ඒත් අපි බැඳලා නෑ. " ඇගෙන ලැබුනේ අප විශ්මිත කරවන සුළු උත්තරයක්.ඇය අවුරුදු 8 තිස්සේ මෙලෙස බොහෝ කරදර විඳගෙන ජීවත්වී සිටින්නේ ඇය නීතියෙන් විවාහ කර නොගත් මිනිසෙක් සමගය.
"බැඳලා නැත්නම් මොන එහෙකට මෙහෙම කරදර විඳගෙන ඉන්නවද ?" මා අසල සිටි තව අයෙක් ඇසුවා.
"ලොකු දුව නිසා ඉවසගෙන හිටියා. ඒ කොහොම වුනත් මම මහත්තයාට ආදරෙයි. මට පැමිණිලි කරන්න ඕනේ නෑ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ"
කිසිම හැඟීමක් ඉරියව්වක් නැති ඒ මුහුණේ හිනාවක්වත් දුකක්වත් සටහන් වී තිබුනේ නෑ. "බිව්වම තමයි කරදර වැඩි." අප හා කතා බස් කරමින් සිටින අතරේ ඇය පැවසුවා මතකය. මොන දේ වුනත් පවුලක්නේ... එනිසා එම සැමියා අප වාට්ටුව වෙත ගෙන්වා උපදෙස් සහ අවවාද බොහෝ ලබා දුනිමු.
"මට මේ පරීක්ෂණය පිටින් කරගන්න සල්ලි නෑ නෝනා, මම කුලී වැඩ කරලා ළමයින්ට කන්න දෙන්නේ "
ඇය සරස්වතී, 40 හැවිරිදි ඇය තයිරොයිඩ් හෝමෝන ඌනතාවය නිසා රෝගී වුනු කාන්තාවක්. "එතකොට අම්මාගේ මහත්තයා ?" මම විමසුවා.
" මහත්තයා බොනවා දවස තිස්සෙම. බොන්න සල්ලි දෙනකම් කරදර කරනවා" ඇය හැඬූ කඳුලෙන් පැවසීය.
" අම්මේ ඔහොම මිනිස්සු එක්ක ඉන්න පුළුවන්ද?"
"ඔව් නෝනා බැරි තැන බැනලා රණ්ඩු කරගත්තා. මහත්තයා ගෙදරින් ගියා" ඇය පැවසීය.
ඇය මාස 5 පමණ සායන වලට පැමිණ තිබුනේ නෑ. හරියට බෙහෙතක් නොමැති කමින් ඇගේ රෝග තත්වය උත්සන්න වී ඇය රෝහල් ගත වී තිබුනේ. " කුලී වැඩ කරලා දවසට රුපියල් 100 විතර ලැබෙන්නේ." ඇය ඒ බවත් සඳහන් කලා. එහෙම කෙනෙකුට රෝහලේ කඩිනමින් සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් කරගන්න යැයි පවසන්නේ කෙසේද ? අපි එනිසා රෝහලේ ෆන්ඩ් එකෙන් ඒවා කරගන්න ක්‍රමවේදයක් සකස් කර දුන්නා. මේ තවත් අසරණ වූ ගැහැණියකගේ කතාවක් පමණක් නොවේ. ඔබ මා ජීවත් වෙන සමාජයේ දුක් විඳින දහසකුත් කාන්තාවන්ගේ ඉරණමයි.
ගැහැණිය බොහෝ දුක් දෝමනස්සයන් දරාගෙන සිටින්නට හැකි අයෙකි. ආදරය සහ හැඟීම් නිසා නොයෙකුත් කැපකිරීම් කරයි. තම ජීවිතය සහමුලින්ම අමතක කර අන් අය වෙනුවෙන් ජීවත් වෙයි. කලක් දෙමාපියන් යටතේ සිටින ඈ ඉන්පසු සැමියා යටතේ ජීවත් වෙයි. අන් අය වෙනුවෙන් ඇගේ ඕනෑ එපාකම් වෙනස් කරගනී. ඇගේ කැමැති අකැමැති දෑ වෙනස් කරගනී. කිසිම ආදරයක් නොමැතිවද නොයෙක් සමාජීය හේතු නිසා බැඳි හෝ නොබැඳි එකම පුරුෂයා හා දීග කති. (එක් එක් සමාජය සහ සංස්කෘතිය අනුව ඉහත පැවසූ දෑ අඩු වැඩි වශයෙන් වෙනස් වේ.ඒ මානව සමාජය හැඩ ගැසී ඇති අයුරුය.) දවස අවසන ඇගේ හිතේ පොදි ගැහෙන්නේ දුක් කන්දක් නම් සුසුම් පමණක් නම් එවැනි අධම පුරුෂයින් හා ජීවත් වීම නොමනා යැයි මට සිතේ. එකිනෙකාගේ තිබෙන විවිධත්වය තේරුම් නොගෙන තමන්ගේ උවමනා එපාකම් වලට පමණක් මුල් තැන දෙන මීනිසුන් පිරි ලොවක, අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ කැපකිරීමෙන් ගතකල යුතු ජීවිතය, ආත්මාර්ථකාමීත්වය මත පමණක් අනෙකාට දුක් දෙමින් අවසන් කරන සෙනෙහෙ දම් සහ සබඳතා පිරි ලොවක සැබෑ මානව දයාබරිත විශාල හිත් ඇත්තෝ අල්පය. එහෙව් විශාල හිතක් ඇති අයට සියලු නොගැලපීම් - කැපකීරීම් බවටද, හද බිඳීම් - හද බැඳීම් බවටද, රීදීම් - සැනෙන් අමතක කොට මෛත්‍රී සහගත සිතුවිලි අනෙකා කෙරෙහි පැතිරීමටද හැකියාව ඇත්තේය.

We often tend to lean on our loved ones... we may be strong souls, running the extra mile that no one else would dare but when it it comes to our loved ones... we always count on them... thinking they would love us no matter what we become.
With life hardships, coming at us in mega tons, and life seems to have no cool spot , with so much of stress piled upon our shoulders, what we really want is some courage, care and strength that would give us an extra push to run that extra mile. But when it lacks the weaker party is pulled down where he or she would end up with depressive dark thoughts, senses and self.
We see these kind of miseries everyday... at the end most of them end with attempted suicides.
As it is said in Buddhism "Love should be impartial to all, free from excessive attachment or false hope and expectation; Accepting, Tolerating, and Forgiving.

but at the end of the day...where does the good go ?